BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
පෞද්ගලික රෝහලක සිටි අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කොළඹ ජාතික රෝහලට මාරු කරයි
15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බ්‍රහස්පතින්දා (මැයි 14) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.
අද දිනයේත් පළාත් 4කට සහ දිස්ත්‍රික්ක 2කට මි.මී. 100ට වැඩි තද වැසි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (14) උදෑසන 05.30ට නිකුත් කර ඇති නිවේදනයක බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳව අනතුරු අඟවා තිබේ. එම පළාත්වලට සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මි.මී. 100 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බවට එම නිවේදනයේ සඳහන් වේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් සමග චීන සංචාරයට එක්ව සිටින ලොව ප්‍රධාන සමාගම්වල විධායක නිලධාරීන් කවුද?
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය චීන සංචාරය සඳහා ප්රමුඛ පෙළේ ව්‍යාපාර සහ තාක්ෂණ සමාගම් කිහිපයක විධායක නිලධාරීන් කිහිප දෙනෙකු රැගෙන ගොස් තිබේ. මෙම සංචාරය ඇමෙරිකා එක්සත් ජනපදයට වැදගත් යැයි සැලකේ. මන්ද ට්‍රම්ප් සහ ජනාධිපති ෂී ජින්පිං අතර හමුවීම සිදුවන්නේ දෙරට අතර ආර්ථික හා තාක්ෂණික ආතතීන් ඉහළ යමින් පවතින කාලයක වන හෙයිනි.
රංගන ශිල්පී හේමාල් රණසිංහ: සිනමා විචාරකයෙකුට පහරදීමක් කළේ යැයි පැවසෙන සිද්ධිය ගැන අධිකරණය දුන් නියෝගය
ජනප්‍රිය නළු හේමාල් රණසිංහ විසින් සිනමා විචාරකයෙකුට පහරදීමක් කළේ යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා අද (මැයි 14 වැනිදා) නියෝග කළාය.
නිළි ත්‍රිෂා ක්‍රිෂ්ණන් සම්බන්ධ සමාජ මාධ්‍ය විවාද අතරේ 'Karuppu' චිත්‍රපටයට තමිල්නාඩු මහ ඇමතිගෙන් ලැබුණු විශේෂ අවසරය
අද (මැයි 14) එළිදක්වන ලද ත්‍රිෂා සහ සූර්යා රංගනයෙන් දායක වන කරුප්පු චිත්‍රපටය සඳහා තමිල්නාඩු මහ ඇමති විජෙයි විසින් විශේෂ අවසරයක් ලබාදී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙටි වීඩියෝ
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
'අපි ගම්පොළට ආවා නම් කෝච්චියත් යට වෙනවා': දිට්වා සුළි කුණාටුව අතරතුර දුම්රිය මගීන් සිය ගණනකගේ ජීවිත බේරාගත් නිහඬ වීරයා
දුම්රිය රියැදුරු ජයම්පති මඩිගසේකර සහ ප්‍රධාන නියාමකවරයාගේ ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව සහ වෘත්තීයමය පළපුරුද්ද හේතුවෙන් මගීන් සිය ගණනකගේ ජීවිත මෙන් ම රුපියල් කෝටි ගණනක් වටිනා දුම්රියක් නිරුපද්‍රිතව බේරා ගැනීමට එම දුම්රිය කාර්ය මණ්ඩලයට හැකිව තිබිණි. තමන් මුහුණ දුන් අත්දැකීම ගැන පැහැදිලි කරන ලෙස බීබීසී සිංහල කල ඉල්ලීම පිළිගත් ජයම්පති මඩිගසේකර තම බිහිසුණු මතකය මෙලෙස අවදි කළේ ය.
අලුතෙන් එක්වූ SSCL බද්ද සහ තවත් හේතු නිසා වාහන මිල වැඩි වී ඇත්තේ කෙසේ ද?
වත්මන් රජය බලය මැතිවරණයට පෙර දුන් පොරොන්දු අතර වාහන මිල අඩු කිරීම ප්‍රධානතම පොරොන්දුවක් වූ අතර, බොහෝ දෙනෙකු ඒ පිළිබඳව බලාපොරොත්තුසහගතව සිටියේ, වසර ගණනාවක් වාහන ආනයනය අත්හිටුවා තිබූ වාතාවරණයක් තුළ අඩු මිලට වාහනයක් මිල දී ගැනීමේ අදහසිනි. වාහන ආනයනය නැවත ආරම්භ කිරීමට රජය පියවර ගත්ත ද, වාහන මිලෙහි අඩු වීමක් සිදු නොවූ අතර සිදුව ඇත්තේ තවදුරටත් බදු ප්‍රමාණය වැඩි වීම තුළ වාහන මිල ඉහළ යාමකි. එවන් පසුබිමක මැයි මස 01 වන දා සිට මෙරටට ආනයනය කරන වාහන සඳහා 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) එකතු වූ අතර, එම බදු මුදල වාහනන ආනයනය කරන අවස්ථාවේදී ම රේගුව විසින් අය කරනු ගනු ලබයි.
වෙසක් සතිය කල් දැමීමේදී රජය හජ්ජි සැමරුම ගැන තැකීමක් නොකළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක්
විසා නැකත නොයෙදීම නිසා මැයි 01 වන දාට යෙදී තිබූ වෙසක් පොහොය මැයි 30 වන දින දක්වා කල්දැමීමට රජය පියවර ගෙන තිබේ. මෙම දින වෙනස් කිරීම සිදු කර ඇත්තේ, මහනායක හිමිවරුන් ද ජනාධිපතිවරයාට කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව ය. කෙසේ වෙතත්, මේ වන විට අලුතින් නම් කර ඇති වෙසක් සතිය තුළ හජ්ජි සැමරුම ද යෙදී තිබීම සම්බන්ධයෙන් මේ වන විට මුස්ලිම් ප්‍රජාව තුළ සංවාදයක් මතුව තිබේ.
ශ්‍රී ලංකාවේ සිය පාරිභෝගික බැංකු මෙහෙයුම් අවසන් කළ HSBC බැංකුව මෙරට බැංකු ක්ෂේත්රයට සිදු කළ වෙනස්කම් මොනවා ද?
HSBC බැංකුව විසින් මෙරට පවත්වාගෙන යනු ලැබූ පාරිභෝගික බැංකු කටයුතු ඊයේ (අප්‍රේල් 30) දිනෙන් නිල වශයෙන් අවසන් කර තිබේ. ඒ, HSBC බැංකුවේ මෙරට පාරිභෝගික බැංකු කටයුතු නේෂන්ස් ට්‍රස්ට් බැංකුව වෙත පැවරීම අවසන් කිරීම සමඟිනි.
දිට්වා ආපදාවට මාස 5යි: හානි වූ උඩරට දුම්රිය මාර්ග යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද ඇයි?
දිට්වා ආපදාව සිදුව මාස 5ක් ගත වන විට තවමත් කොළඹ සිට මහනුවර දක්වා දුම්රියක් ධාවනය කිරීමට නොහැකි වී තිබේ. යළි කොළඹ සිට මහනුවරට දුම්රියෙන් යන්න ලැබෙන්නේ කවදා ද? ඒ ගැන සොයා බැලීමට බීබීසී සිංහල අපි මහනුවර ප්‍රදේශයේ සංචාරක නිරත වූයෙමු.





















































